Images

මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපත ලැබූ ස්ථානය වටකර තනා ඇති මහා විහාරයයි. වම් අත පැත්තේ තිඛෙන්නේ අශෝක කුළුණයි. පහළ ඇත්තේ මයා දේවී පොකුණයි.

මේ දෙව් මිනිසුන් සහිත ලෝකයා ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපත ලැබු ස්ථානය යි.

මේ දෙව් මිනිසුන් සහිත ලෝකයා ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපත ලැබු ස්ථානය යි.මේ ශුද්ධ වූ ස්ථානය සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලාගෙණ පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර අතුරින් එකකි.

මේ බුද්ධගයා මහා විහාරය යි. වම් පසින් පෙනෙන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යි. ලෝකවාසී කෝටි සංඛ්‍යාත බෞද්ධයින්ට බුද්ධගයාව තරම් ශුද්ධ වූ ස්ථානයක් මේ ලෝකයේ තවත් නැත.

මේත් බුද්ධගයා මහා විහාරය යි. මහා විහාරය අවට විවිධ ප්‍රමාණයේ හා විවිධ හැඩයේ ස්ථුප රාශියක් දක්නට ලැබේ.

මේ බුද්ධගයා මහා විහාරය තුළ වැඩ සිටින භුමිස්පර්ශ මුද්‍රාවෙන් යුතු අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේ යි.

මේ දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යි. අප මහා බෝසතුන් ලොව්තුරා බුදු බවට පත් වූයේ මේ බෝධි මූලයේ දී ය. .

මේ දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යි. අප මහා බෝසතුන් ලොව්තුරා බුදු බවට පත් වූයේ මේ බෝධි මූලයේ දී ය.

මේත් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යි. අප මහා බෝසතුන් ලොව්තුරා බුදු බවට පත් වූයේ මේ බෝධි මූලයේ දී ය.

මේ ඡායා රූපයේ දැක්වෙන්නේ ද වජ්‍රාසනය යි. මහ බෝසතුන් ලොව්තුරා බුදු බවට පත් වූ මේ ස්ථානය සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර අතරින් එකකි.
 
මේ ඡායා රූපයේ දැක්වෙන්නේ ද වජ්‍රාසනය යි.සියලූ බෝසත්වරු ලොව්තුරා බුදු බවට පත් වන්නේ මේ ශුද්ධවූ ස්ථනයේ දී ය.  අප මහ බෝසතුන් ද ලොව්තුරා බුදු බවට පත් වූ මේ ස්ථානය සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර අතරින් එකකි.

මේ අනිමිස ලොචන චෛත්‍යයි. අනිමිස ලොචන චෛත්‍යය තරමක් උස් භුමියක පිහිටා ඇති බව මේ ඡායාරූපයෙන් පැහැදිලි වෙයි.
 
බුදුරදුන් බුද්ධත්වයට පත් වී තෙවැනි සතිය මහා බෝධියට ත් අනිමිස ලෝචන පූජාව පැවැත්වූ ස්ථානයට ත් අතර රුවන් සක්මන් මවා ගෙණ සක්මන් කරමින් වැඩ සිටියහ. මේ එම ස්ථානය යි.

බුදුරදුන් බුද්ධත්වයට පත් වී සතර වැනි සතිය දෙවියන් මවන ලද රුවන්ගෙයි වැඩ සිටියහ. එහි දී ගම්භීර ධර්මය මෙනෙහි කරමින් වැඩ සිටි බුදුරදුන් ගේ ශ්‍රී ශරීරයෙන් සවණක් රැස් පිට විය. මේ ඒ රුවන්ගෙය පිහිටි ස්ථානය යි.

අජපාල නුග රුක පිහිටි ස්ථානය සංකේතවත් කිරීමට බුද්ධගයා මහා විහාරය ඉදිරියේ මේ ස්ථම්භය ත් දැන්වීම් පුවරුවත් සිටුවා ඇත. ඒත් අජපාල නුග රුක පිහිටි නියම ස්ථානය වෙය නොවෙයි.

අජපාල නුග රුක පිහිටි ස්ථානය සංකේතවත් කිරීමට බුද්ධගයා මහා විහාරය ඉදිරියේ මේ ස්ථම්භය ත් දැන්වීම් පුවරුවත් සිටුවා ඇත. ඒත් අජපාල නුග රුක පිහිටි නියම ස්ථානය වෙය නොවෙයි .

මේ  අජපාල නුග රුක පිහිටි නියම ස්ථානය යි. බුරුම බෞද්ධයින් විසින් මේ කුඩා විහාරය කරවා ඇත. මෙය පිහිටා ඇත්තේ බුද්ධගයාවට තරමක් ඈතින් පිහිටි වෙල් යායක් මැද ය.
 
මේ නියම මුචලින්ද විල නොවෙයි. එය පිහිටා ඇත්තේ නේරංජනා නදියෙන් එතෙර ඇති මුචලින්ද ගමේ ය. මුචලින්ද විල සිහිපත් කිරීමට මෙය තනා ඇත. විල මැද මුචලින්ද නාග දරණයය මැද වැඩ සිටින අලංකාර බුද්ධ ප්‍රතිමාවකි.

මේ මුචලින්ද ගමේ පිහිටි නියම මුචලින්ද විල යි. බුදුරදුන් බුද්ධත්වයෙන් සය වැනි සතිය ගත කළේ මේ විල අසල පිහිටි මිදෙල්ල ගස මුල යි. එවිට මහා වැස්සක් ඇති වු අතර මුචලින්ද නා රජු උන් වහන්සේට ආරක්ෂාව සැලසීය. මුචලින්ද විල මෙසේ කාලයක් තිස්සේ ජරාවාස වෙමින් පවතී.

බුද්ධත්වයෙන් සත් වැනි සතිය අවසානයේ දී තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් බුදුරදුන්ට පිදූ නියම ස්ථානය මෙය බව සැලකේ. අද මේ ස්ථානයේ විශෘල බෝගසක් ද ඒ සමීපයේ කුඩා හින්දු කෝවිලක් ද දක්නට ඇත.

බුද්ධත්වයෙන් සත් වැනි සතිය අවසානයේ දී තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් බුදුරදුන්ට දන් පිදූ නියම ස්ථානය මෙය බව සැලකේ. අද මේ ස්ථානයේ විශාල බෝගසක් ද ඒ සමීපයේ කුඩා හින්දු කෝවිලක් ද දක්නට ඇත.
 
මේ නේරංජනා නදිය යි. සිද්ධාර්ථ ගෞතම මහ බෝසතුන් දන් වැළඳූ රන් තලිය පා කර හැරියේ මේ නදියේ ය. අද ඵල්ගු නමින් හැඳින්වෙන නේරංජා නදියේ දිය සම්පූර්ණයෙන් ම වාගේ සිඳි ඇති අයුරු ඡායා රූපයෙන් පෙනේ.

බුදුරදුන්ට පස්වග තවුසන් හමු වූයේ මෙතැනදී ය. එය සිහිපත් වීමට තනා ඇති මේ ස්තූපයට — සම්මුඛ ස්තූපය ˜ යනුවෙන්ද — චෞඛණ්ඩි ˜ ස්තූපය යනුවෙන් ද කියනු ලැබේ.

මේ බරණැස ඉසිපතන මිගදායේ බුදුරදුන් වැඩ සිටි ගන්ධ කුටියේ නටඹූන් ය. බුදුරදුන් මුලින්ම වැඩ සිටි කුටිය නිසා මෙයට — මූලගන‍ධ කුටිය ˜ යනුවෙන් කියනු ලැබේ. බුදුරදුන් ගේ ලාලාට ධාතුන් වහන්සේ කාලයක් මෙහිද තැම්පත් කර තිබු බව ධාතුවංශයේ සඳහන් වේ.

මේ ධර්මරාජික මහා ස්තුපයේ නටබුන්ය. බුදුරදුන් තමන් වහන්සේ ගේ මුල් ම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සුත්‍රය පස්වග තවුසන්ට දේශනා කළේ මේ ස්ථානයේ දී ය. මෙය  සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලා ගෙණ පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන අතුරින් එකකි.

මේ ධම්මික ස්තුපයයි. බුදුරදුන් පස්වග මහණුන්ට අනන්ත ලක්ඛණ සුත්‍රය දේශනා කළේ මේ ස්ථානයේ දීය. ලොව මුල් ම රහතුන් පස් නම බිහි වූ මහා පින් බිම මෙයයි.

ධර්මරාජික මහා ස්තූපය සමීපයේ සිට ධම්මික ස්තූපය පෙනෙන්නේ මෙසේය. අවට දැක බලා ගැනීමට බොහෝ පුරාවස්තු ඇත.

බරණැස ඉසිපතන මිගදායේ දී  බුදුරදුන් දහම් දෙසුවේ මේ ස්ථානයේ දී ය. මෙයට  දම්සභා මණ්ඩපය ˜ යනුවෙන් කියනු ලැබේ. ඉන්දියාවේ අගමැති ව සිටි නේරුතුමා දම්සභා මණ්ඩපයේ ආරක‍ෂාවට මේ ආවරණය තනවා ඇත.

මේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් කරවන ලද බරණැස නව මුලගන‍ධ කුටි විහාරයයි. නාගාර්ජුනිකොණ්ඩය මහා ස්තූපයෙන් හා ධර්මරාජික මහා ස්තූපයෙන් හමු වූ සර්වඥ ධාතුවලින් කොටසක් මේ මහා විහාරයේ විශේෂ කුටියක් තුළ තැම්පත් කර ඇත.

මේත්  ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් කරවන ලද බරණැස නව මුලගන‍ධ කුටි විහාරයයි.

මේ සැවත් නුවර ජේතවනාරාම මහා විහාරයේ දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන‍ධ කුටියයි.  බුදුරදුන් සැතපුණේ මේ පෙනෙන ඇතුළු කුටියේය.
 
මේ සැවත් නුවර ජේතවනාරාම මහා විහාරයේ දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන‍්ධ කුටියයි.  බුදුරදුන් සැතපුණේ මේ පෙනෙන ඇතුළු කුටියේය.

මේ ත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන‍ධ කුටියයි.

මේ ත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන‍්ධ කුටියයි.

ගන‍ධ කුටිය ඈතට පෙනෙන්නේ මෙසේ යි. දම්සභා මණ්ඩපය පිහිටා ඇත්තේ මේ සමීපයේ ය.

ගන‍්ධ කුටිය ඈතට පෙනෙන්නේ මෙසේ යි. දම්සභා මණ්ඩපය පිහිටා ඇත්තේ මේ සමීපයේ ය.

ගන‍ධ කුටිය ඈතට පෙනෙන්නේ මෙසේ යි. දම්සභා මණ්ඩපය පිහිටා ඇත්තේ මේ සමීපයේ ය.

ගන‍ධ කුටිය ඈතට පෙනෙන්නේ මෙසේ යි. දම්සභා මණ්ඩපය පිහිටා ඇත්තේ මේ සමීපයේ ය.
මේ සැවත් නුවර ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයයි. පෙනෙන  උස් වේදිකාව බුදුරදුන් දහම් දෙසු ස්ථානය යි. අනෙක් අත පැත්තේ දක්නට ඇත්තේ පිරිස දහම් ඇසු ස්ථානය යි.

සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී බුදුරදුන් බොහෝ විට සක්මන් කරමින් වැඩ සිටියේ මේ ස්ථානයේ ය. මෙහි ඇති ගඩොල් ආවරණය පසු කලෙක කර තිබේ. මෙයට  සක්මන් මළුව ˜ යනුවෙන් කියනු ලැබේ.

මේ සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ශාරීරික ධාතු නිදන් කර ජේතවනාරාමයේ තැනු ස්තූපයේ නටබුන්ය.

මේ සැවත් නුවර ජේතවනාරාමයේ ආනන්ද බෝධීන් වහන්සේ යි. බුදුරදුන් මේ බෝධි වෘක‍ෂයේ නැගෙනහිර දෙසට වී පුරා රාත්‍රියක් ම  සමවත් සුවයෙන් වැඩ සිටි බව ධර්ම ග්‍රන‍ථයන්හි සඳහන් වේ.

ආනන්ද  බෝධීන් වහන්සේ ඈතට පෙනෙන්නේ මෙසේ යි.

අංගුලිමාල තෙරුන් ගැබිණි මවකට පිරිත් දෙසු ස්ථානය වට කර පසු කලෙක ස්තූපයක් තනා ඇත. මේ එම ස්තූපයේ නටබුන්ය. මෙය පිහිටා ඇත්තේ අනාථපිණ්ඩික මහ සිටුතුමා ගේ මැදුර සමීපයේය.

මේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතය මුදුනේ බුදුරදුන් වැඩ සිටි ගන‍ධ කුටියේ නටබුන්ය. ආනන්ද තෙරුන් ගේ කුටිය මේ සමීපයේ ඇත. බොහෝ රටවලින් පැමිණෙන බෞද්ධයෝ මේ ගන‍ධ කුටියට මහත් වූ පුද පූජා පවත්වති.

මේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයේ බුදුරදුන් ඩැඩ සිටි ගන‍ධ  කුටියේ නටබුන්ය. බුදුරදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ කලක් මේ ගන‍ධ කුටියේ ද තැම්පත් කර තිබු බව ධාතුවංශයේ සඳහන් වේ.

මේ විශාලා මහනුවර කුටාගාර ශාලාවේ නටබුන්ය. බුදුරදුන් පස් වැනි වස් කාලය ගත කළේ මෙහිය. බුදුරදුන් පිරිනිවන් පෑ පසුව උන් වහන්සේ ගේ ලලාට ධාතුව මුලින් ම තැම්පත් කර තිබුණේ ද මෙහි ය.

විශාලා මහනුවර සිංහ කුළුණ සමීපයේ මහා ස්තූපයක් ඇත. මේ එම ස්තූපය යි. ආනන්ද මහ තෙරුන් ගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් මේ ස්තූපය තුළ තැම්පත්ව ඇතැයි සැලකේ.

මේ සැවත් නුවර ගණ්ඩම්බ රුක පිහිටි තැන යි. තීර්ථකයින් ගේ මානය දුරු කිරීමට බුදුරදුන් යමා මහා පෙළහර පෑවේ මේ ස්ථානයේදී ය. එම ස්ථානයේ තනා ඇති මහා ස්තූපය අද පස් කන්දක් මෙන් මෙසේ දිස් වේ.

මේ බුදුරදුන් තව්තිසා දෙව්ලොව සිට මනුලොවට වැඩම කළ ස්ථානයේ ධර්මාශෝක මහ රජු විසින් කර වූ මහා ස්තූපයේ නටබුන් ය. මෙය සියලූ බුදුවරු අත්නොහරින ස්ථාන සතර අතුරින් එකකි. ගරා වැටී ඇති මේ මහා ස්තූපය මුදුනේ කුඩා හින්දු කෝවිල් කිහිපයක් තනා ගෙන ඇත.

මේ කේසාරියා මහා ස්තූපය යි. බුදුරදුන් ගේ පාත්‍ර ධාතුවක් මේ මහා ස්තූපය තුළ තැම්පත් ව ඇතැයි සැලකේ.

උපවත්තන සල් වනය බලා වැඩම කරණ බුදුරදුන් දැඩි සේ රෝගී ව සිටි බැවින් මේ ස්ථානයේ දී මඳක් ව්වේක ගත්හ. ඈත පෙනෙන්නේ බුදුරදුන් වැඩ සිටි ස්ථානයේ කර වූ විහාරය යි. මේ විහාරයෙහි භුමිස්පර්ශ මුද්‍රාවෙන් යුතු රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් තැම්පත් කර ඇත.

මේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන් ගේ උපවත්තන සල් වනය යි. බුදුරදුන් පිරිනිවන් පෑවේ මේ සල් වනයේ දී ය.

මේ උපවත්තන සල් වනයේ ඇති මහා පරිනිර්වාණ විහාරගෙය හා මහා ස්තූපය ඈතට පෙනෙන අයුරු යි. ලෝසුපතල රන් ආලේපිත මහා පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින්නේ මේ මහා විහාරගෙය තුළ යි.

මේත්  උපවත්තන සල් වනයේ ඇති මහා පරිනිර්වාණ විහාරගෙය හා මහා ස්තූපය ඈතට පෙනෙන අයුරු යි.

මේ රන් ආලේපිත ආශ්චර්යවත් මහා පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව යි. ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින ආකාරය මේ ප්‍රතිමාව සමීපයට ගිය විට සිතට දැනේ.

වම් පසින් ඇති මේ මහා ස්තූපය මල්ල රජ දරුවන් විසින් තමන්ට ලැබුණු සර්වඥ ධාතු කොටස නිදන් කර තැනූ ස්තූපය යි. බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය පිහිටා ඇත්තේ මේ මහා ස්තූපයට දකුණු පසින්ය.

මේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යි. මේ ස්ථානය සියලූ සැදැහැති බෞද්ධයින් විසින් දැක බලා ගෙණ පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර අතුරින් එකකි.

මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය තරමක් ඈතට පෙනෙන අයුරු යි.

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළේ මේ ස්ථානයේ දී ය. එතැන ඉදි කළ මේ මහා ස්තූපයට ආදාහන ස්තූපය  යනුවෙන් කියනු ලැබේ.

ද්‍රෝණ බමුණා රටවල් අටක රජ දරුවන්ට ධාතු ඛෙදුවේ ය. එය සිහි වීමට ආදාහන ස්තූපය සමීපයේ කුඩා ස්තූප අටක් තනා තිබේ. මේ තිඛෙන්නේ එම ස්තූප අටේ නටබුන් ය.

උපවත්තන සල් වනයට ත් ආදාහන ස්තූපයට ත් අතර වෙල් යායක් මැද ඉතා පැරණි මේ බෝ ගස දක්නට ඇත. ද්‍රෝණ බමුණා රටවල් අටක රජ දරුවන්ට  ධාතු ඛෙදුවේ මේ ස්ථානයේ දී බවට විශ්වාසයක් පවතී.

බුදුරදුන් ගේ ශාරීරික ධාතුන් ගෙන් අටෙන් එකක් ධාතු අජාසත්ත රජතුමාට ත් ලැබුණි. රජු ඒ ශාරීරික ධාතු නිදන් කර රජගහ නුවර මහා ස්තූපයක් තැනුවේය. මේ ඒ ස්තූපය පිහිටි තැන දක්නට ඇති නටබුන් ය.

මේ විශාලා මහනුවර ලිච්ජවී රජ දරුවන්ට ලැබුණු ධාතු කොටස නිදන් කර තැනු මහා ස්තූපයේ නටබුන් ය. අවස්ථා කීපයක දී ධාතු ස්තුපය විශාල කර තිබේ. මැද ඇත්තේ මුලින්ම කළ ස්තූපය යි. මෙහි කළ කැණීම්වලින් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂ හමු වී ඇත.

මේ විශාලා මහනුවර ධාතු ස්තූපයේ ආරක‍ෂාවට තනා  ඇති වටකුරු වහල සහිත ගෘහය යි.

මේත් විශාලා මහනුවර ධාතු ස්තූපයේ ආරක‍ෂාවට තනා  ඇති වටකුරු වහල සහිත ගෘහය යි.

මේ බුදුරදුන් ගේ ශාරීරික ධාතු නිධන් කර ශාක්‍යයින් තැනු ස්තූපයේ නටබුන් ය.මෙහි කළ කැණීම් වලින් ද බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු  හමු වී තිබේ. අද එම ධාතුන් වහන්සේලා ගෙන් කොටසක් දිල්ලි කෞතුකාගාරයේ තැම්පත් කර ඇත.

කපිලවස්තු ධාතු ස්තූපය තරමක් ඈතට පෙනෙන්නේ මෙසේ ය. ස්තූපය  අවට සංඝාරාමයන්හි නටබුන් දක්නට ඇත.

මේ කපිලවස්තු ධාතු  ස්තූපයේ කළ කැණීම්වලින් හමු වූ මෘදු ගල් කරඬුවකි. මේ තුළ බුදුරදුන් ගේ අස්ථී ධාතු තැම්පත් ව තිබුණි. මෙහි පියනේ කොටා ඇති පාඨයෙන් කරඬුව තුළ තැම්පත් ව තිබුණේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ ම අස්ථී ධාතු බව තහවුරු විය.

මහා කාශ්‍යප  මහා තෙරුන් ගේ උපදෙස් පරිදි අජාසත්ත මහ රජු රජගහ නුවර දී රහසිගත ව එක් ධාතු නිධානයක් කළේ මේ ස්ථානයේ දී ය.

මේ ස්ථානය ඈතට පෙනෙන අයුරු යි. අද මෙය මනියාර්මට්  යනුවෙන් හඳුන්වයි. මෙය සප්තපර්ණී ගුහාව බැලීමට යන විට මාර්ගයේ වම්පසින් පිහිටා ඇත. කේතු ආකාරයේ වහල ස්තූපයේ ආරක‍ෂාවට තනා තිබේ.

මිරිසවැටිය මහා දාගැබ - මේ මහා දාගැබ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලදී. දාගැබ තුළ සර්වඥ ධාතු තැන්පත් කර ඇති දුටුගැමුණු මහ රජතුමා ගේ ජයකොන්තය (කුන්තායුධය) තැම්පත් ව ඇත.

රුවන්වැලි මහා සෑය - දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද මේ මහා දාගැබ තුළ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ අස්ථී ධාතූන් ගෙන් අටෙන් එකක් ධාතු (ද්‍රෝණයක් ධාතු) තැම්පත් ව ඇත. ලෝකයේ වැඩි ම සර්වඥ ධාතු ප්‍රමාණයක් තැම්පත් ව ඇති එක ම ස්ථානය මේ රුවන්වැලි මහා සෑය යි.

ථුපාරාම මහා සෑය - දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් කරවන ලද මේ දාගැබ තුළ බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතුව තුම්පත් ව ඇත. කුකුසඳ බුදුරදුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරදුන්ගේ  පටී ධාතුව ද කාශ්‍යප බුදුරදුන් ගේ ජලසාටිකා ධාතුව ද තැම්පත් ව තිබුණේ මේ ස්ථානයේ

ථුපාරාම මහා සෑය - දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් කරවන ලද මේ දාගැබ තුළ බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතුව තුම්පත් ව ඇත. කුකුසඳ බුදුරදුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරදුන්ගේ පටී ධාතුව ද කාශ්‍යප බුදුරදුන් ගේ ජලසාටිකා ධාතුව ද තැම්පත් ව තිබුණේ මේ ස්ථානයේය.
මේ පාදලාඤ්ජන චේතිය යි. ප්‍රමාණයෙන් ඒ තරම් විශාල නොවන මේ ස්තූපය බුදුරදුන් ගේ සිරිපා සටහනක් මත තනා ඇත.

පාදලාඤ්ජන චේතිය පිහිටා ඇත්තේ ථුපාරාමය සමීපයේ ය. ඒ බව මේ ජායාරූපයෙන් පෙනෙයි. දකුණු පැත්තේ ඈතින් පෙනෙන්නේ බුදුරදුන් ගේ දකුණු අකු ධාතුන් වහන්සේ තැම්පත් ව ඇති ථුපාරාම මහා සෑය යි.

මේ සංඝමිත්තා මහ රහත් කෙරණිය ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ ස්ථානයේ එතුමිය ගේ ධාතු නිදන් කර තැනු ස්තූපයේ නටබුන් ය. මෙය ප්‍රමාණයෙන් කුඩා ස්තූපයකි. පිහිටා ඇත්තේ ථුපාරාමය සමීපයේ ය.

ලංකාරාම දාගැබ - වළගම්බා මහ රජතුමා විසින් කරවන ලද මේ දාගැබ තුළ බුදුරදුන් ගේ ශාරීරික ධාතු තැම්පත් ව ඇත. ජනප්‍රවාදයකට අනුව සර්වඥ ධාතු හැරුණු විට මේ දාගැබ තුළ බුදුරදුන්ගේ පටී ධාතූන් වහන්සේ ගෙන් කුඩා කොටසක් ද නැම්පත් ව ඇත.

අභයගිරි මහා දාගැබ - මේ මහා දාගැබ වළගම්බා මහ රජතුමා විසින් කරවා ඇත. දාගැබ තනා ඇත්තේ බුදුරදුන් ගේ සිරිපා සටහනක් මත ය. රනින් කරණ ලද ගව රුවක උදරයට සර්වඥ ධාතු පුරවා ඒ ගව රූපය ධාතු ගර්භයේ නිදන් කර ඇත.

ජේතවනාරාම මහා දාගැබ - මහසෙන් රජතුමා විසින් කරවන ලද මේ මහා දාගැබ තුළ බුදුරදුන් ගේ පටී ධාතූන් වහන්සේ ගෙන් අඩක් ද සර්වඥ කේශ ධාතු ද අස්ථී ධාතු ද තැන්පත් ව ඇත. ලොව ගඩොලින් කළ විශාලතම නිර්මාණය වන්නේ මේ මහා දාගැබ යි.

ඉසුරුමුනි විහාරය- හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලක්දිවට වැඩම කර වු දළදා වහන්සේ රජතුමාට භාර දෙන තුරු තැම්පත් කර තිබුණේ මේ විහාරයේ ය. අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේ නමක් ද ඉසුරුමුනි විහාරයේ රෝපණය කර තිබේ. ඒත් ඒ පුරාණ බෝධිය අද දක්නට නැත.

මෙය දළදා වහන්සේ තැම්පත් කිරීමට අනුරාධපුරයේ ඉඳි කළ දළදා මාලිගාව යයි සැලකේ. මෙය මහාපාලි දාන ශාලාව සමීපයේ පිහිටා ඇත.

ලෝවාමහාපාය - මෙය දුටුගැමුණු මහ රජතුමා විසින් කරවා ඇත. අතීතයේ මහල් නවයකින් යුක්ත වු මෙහි අද දක්නට ඇත්තේ මේ ගල් කණු සමූහය පමණි. දෙවැනි අග්බෝ රජු සමයේ ථුපාරාමය ගරා වැටීම නිසා ඒ තුළ වැඩ සිටි දකුණු අකු ධාතුන් වහන්සේ මේ ලෝවාමහාපායේ තාවකාලිකව තැම්පත් කර තිබු බවතිබු බව චූළවංශයේ සඳහන් වේ.

දක්ඛිණ දාගැබ -  මෙය ප්‍රමාණයෙන් විශාල දාගැබකි. දුටුගැමුණු මහ රජතුමා ගේ ශරීරය ආදාහනය කළ ස්ථානයේ දාගැබ තනා ඇත. මෙහි කරණ ලද කැණීම්වලින් දුටුගැමුණු මහ රජතුමා ගේ භෂ්මාවශේෂ හමු වී ඇත.

සේල චෛත්‍යය - බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් ද සමගින් දැන් මේ දාගැබ පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. දේවානම්පියතිස්ස මහ රජුට මිහිඳු මහ රහතන් වහන්සේ හමු වූයේ ද මේ ස්ථානයේ දී ය.

සේල චෛත්‍යය සමීපයේ සිට මිහින්තලා මහා සෑය පෙනෙන්නේ මෙසේ ය. වම්පස ඉහළින් ඇත්තේ මිහින්තලා මහා සෑය යි. ඒ දාගැබ පිහිටා ඇත්තේ කඳු මුදුනක ය.

මිහින්තලා මහා සෑය - මහදැළියාමාන රජතුමා විසින් මේ මහා දාගැබ කරවා තිබේ. දාගැබ තනා ඇත්තේ ඌර්ණ රෝම ධාතුව සහිත අෂ්ටවංක මාණික්‍යය තැන්පත් ව ඇති ස්ථානයේ ය. අතීතයේ දී මේ දාගැබ අම්බුළු දාගැබ යනුවෙන් ද හඳුන්වා ඇත.

මිහිඳු සෑය- මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ශාරීරික ධාතුවලින් කොටසක් තැන්පත් කර උත්තිය මහ රජතුමා විසින් මේ දාගැබ කරවා ඇත. මෙහි කරණ ලද කැණීම්වලින් මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂ හමු වී තිබේ. ප්‍රමාණයෙන් තරමක් විශාල මේ දාගැබ මිහින්තලා මහා සෑය සමීපයේ පිහිටා ඇත.

මේ මැදිරිගිරිය වටදාගෙය යි. මෙහි මැද ඇති කුඩා ස්තූපය වටා සිව් දිශාවට මුහුණලා බුද්ධ ප්‍රතිමා සතරක් තැම්පත් කර තිබේ. ලංකාවේ ඇති වටදාගෙවල්වලින් වඩා ත් අලංකාර වටදාගෙය වන්නේ මේ මැදිරිගිරිය වටදාගෙය යි.

මේ මැදිරිගිරිය වටදාගෙය මැද ඇති කුඩා ස්තූපය යි. පූජාවලියේ සඳහන් වන ආකාරයට මේ ස්තූපය තුළ සර්වඥ ධාතු තැම්පත් ව ඇත.

පොළොන්නරුව වටදාගෙය - මෙහි මැද කුඩා දාගැබකි. දාගැබ වටා සිව් දිශාවට මුහුණලා බුද්ධ ප්‍රතිමා සතරක් තැම්පත් කර තිබේ. ඉන් එක් පිළිමයක් ඉතා හොඳ තත්වයේ පවතී.

මේ පොළොන්නරුව වටදාගෙයි මැද ඇති කුඩා ස්තූපය යි. මෙහි  ද සර්වඥ ධාතු තැන්පත්ව ඇතැයි සැලකේ.

අටදාගෙය - මෙය පළමු වැනි විජයබාහු මහ රජතුමා විසින් පොළොන්නරුවේ කර වු දළදා මැදුර යි. දළදා වහන්සේ කාලයක් මේ මැදුරේ තැන්පත් කර තිබුණි.

හැටදාගෙය- මෙය නිශ්ශංකමල්ල රජතුමා විසින් පොළොන්නරුවේ කර වු දළදා මැදුර යි. මේ මැදුරේ දළදා වහන්සේ කාලයක් තැම්පත් කර තිබුණි.

සෝමාවතී මහා සෑය - ගිරිඅභය රජතුමා විසින් කරවන ලද මේ මහා දාගැබ තුළ බුදුරජාණන් වහන්සේ ගේ දකුණු දළදාව තැම්පත් ව ඇත. අවස්ථා කිහිපයක දී මේ මහා ස්තූපයෙන් නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු වී තිබේ.

සේරුවිල මංගල මහා සෑය  - කාවන්තිස්ස මහ රජතුමා විසින් කරවන ලද මේ මහා දාගැබ තුළ බුදුරදුන් ගේ ලාලාට ධාතූන් වහන්සේ ද කේශ ධාතූන් වහන්සේලා ද තැන්පත් ව ඇත. මේ මහා ධාතු ස්තූපයෙන් ද නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු වී ත්බේ.

මේ ත්‍රිකුණාමලයේ ලංකාපටුන සමුද්‍රගිරි මහා විහාරය වෙරළ දෙස සිට පෙනෙන අයුරු යි. හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ යටි වම් දළදා වහන්සේ ගෙන ලක්දිවට ගොඩ බැස්සේ මේ ස්ථානයෙන් ය.

තිරියාය වටදාගෙය - මේ තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් බුදුරදුන් ගේ කේශ ධාතු තැම්පත් කර තැනු ස්තූපයේ ආරක‍ෂාවට ස්තූපය වට කර පසු කාලයක ගොඩ නැංවු ගෘහයේ නටබුන් ය. මෙය අලංකාර වටදාගෙයකි.