පංච නීවරණ



පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්රි්යානුබද්ධ පිරා ය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්රිුයන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්රිතිචාර දක්වයි. කාමච්ඡන්ද පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්රි්යානුබද්ධ පිර්වයය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්රිදයන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්රිතිචාර දක්වයි. අරමුණ දැඩිලෙස වැළඳ ගැනීම හෝ ප්ර තික්ෂේප කිරීමයි. අරමුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා වූ සුබවාදී ආකල්පය හේතුවෙන් ඒ පිළිබඳ සතුටු වෙයි. (නන්දති) වඩාත් සතුටු වෙයි. (අභිනන්දති) ඒ පිළිබද දිගින් දිගට කථා කරයි. (අභිවදති) අවසානයේදී එහි දැඩි ලෙස බැස ගනී. (අජෙඣාසාය තිට්ඨති) මෙම ආකල්පය කාමච්ඡන්දය පිණිස හේතුවේ. ඉන්ද්රි ය හා අරමුණ පිළිබඳ යථා ස්වභාවය දකින තෙක් මෙම තත්ත්වය ක්රිේයාත්මක වේ. ව්යාබපාද අසතුටුදායක හා ප්රයතිවිරුද්ධ අරමුණු සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ ගැටීම ව්යාටපාදයයි. ව්යාරපාදය පුද්ගල සන්තානය අපිරිසුදු කරන අතර මනසේ යහපත් ක්රිටයාකාරිත්වයට බාධා පමුණුවයි. ත්රිලවිධ අකුශල මූල අතරින් ව්යාපපාදය වනාහි ද්වේෂය හා සම්බන්ධ අකුශල ධර්මයකි. එය මෛත්රි චින්තාවට ප්ර තිවිරුද්ධ වූවකි. එසේම එය මනසින් සිදුවෙන අකුශල කර්මයක් ලෙස දැක්වේ. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකු සමග වෛරය ඇති කර ගන්නේ ”මට අනර්ථයක් කළේය. අනර්ථයක් කරයි. අනාගතයේ අනර්ථයක් කරන්නේය. මගේ හිතවතාට අනර්ථයක් කළේය.අනර්ථයක් කරයි. අනර්ථයක් කරන්නේය. මගේ විරුද්ධවාදියාට යහපතක් කළේය. යහපතක් කරයි. යහපතක් කරන්නේය” යනුවෙන් කාලත්ර යවරතීව කල්පනා කිරීමෙන්ය. මෙයට අමතරව විශේෂ හේතුවක් නොමැතිව අස්ථානයේ වෛරය ඇතිකරගන්නා අවස්ථාද තිබේ. (අට්ඨානෙවා පන ආඝාතො ජායති) පුද්ගල සන්තානයේ ඇතිවෙන වෛරය හා කෝපය අභ්යේන්තර චිත්ත සමාධියට බාධකවනවා පමණක් නොව එහි බිහිසුණු අපරාධ සඳහා පුද්ගලයා පොළොඹවන අකුශල සහගත චිත්ත වේගයකි. ථීනමිද්ධ ථීන හා මිද්ධ දෙකක් වුවද නීවරණ යටතේ එය එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කෙරේ. ථීන යන්නෙන් මානසික අකර්මණ්යර බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්ය. බවත් අදහස් කෙරේ. භදන්ත බුද්ධඝෝස හිමියෝ ථීන යන්නෙන් සිතෙහි ගිලන් බවත් (චිත්ත ගේලඤ්ඤං) මිද්ධ යන්නෙන් චෛතසික ධර්මයන්ගෙන් ගිලන් බවත් අදහස් කරති. (චේතසික ගෙලඤ්ඤං) මෙම නීවරණය කායික හා මානසික වශයෙන් දෙඅංශයකින් පුද්ගලයාට බලපායි. මෙහි මූලික ලක්ෂණය වන්නේ කුශලය වැඩීම කෙරෙහි අප උදාසීන බවට පත්කිරීම පමණක් නොව එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්ද අපගේ මානසික අවධානය හා කායික උනන්දුව නැතිකර දැමීමයි. උද්ධච්ච – කුක්කුච්ච උද්ධච්ච යනු මානසික නොසන්සුන් බව හා වික්ෂිප්ත බවයි. කුක්කුච්ච යන්නෙන් පසුතැවිල්ල අදහස් කෙරේ. උද්ධච්ච යන්නෙන් සිතේ පවතින චංචල බව මෙන්ම නොපැහැදිලි ස්වරූපය අදහස්වේ. සුළඟ හැමීමෙන් නිතර චලනය වන දිය බඳුනක් මෙන් අරමුණ මගින් සිත නිතර චලනය වීම සිදුවේ. කළ නොකළ දෑ සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ පසුතැවිල්ල වන කුක්කුච්ච ඇතැම් විටෙක මානසික රෝග සඳහාද හේතුවිය හැකිය. කුක්කුච්චයේ මූලික ස්වභාවය වන්නේ සිත ආපස්සට අදින ලක්ෂණයයි. සියදිවි නසා ගැනීමෙහිලා කෙනෙකු යොමුවන්නේ ද මෙහි බලපෑම හේතුවෙන් විය හැකිය. විචිකිච්ඡා විචිකිච්ඡා යනු සැකයයි. එය අටතැන් සැකය වශයෙන් ධර්මයෙහි විශේෂ කොට දක්වා තිබේ. සැකය එක්තරා ප්රැමාණයකට දැනුම සඳහා උපයෝගී වන්නක් වුවද දිගින් දිගට පවතින පදනම් රහිත සැකය නීවරණයකි. විමුක්තිය සම්බන්ධයෙන් මාර්ගය හා ප්රයතිපදාව පිළිබඳ පවතින සැකය ප්ර ඥාවේ උදාවට බාධකයකි. ධර්මය හෝ විමුක්තිය සම්බන්ධයෙන් නොව සාමාන්යප මට්ටමේ සිදුවීම්,දේවල් හා පුද්ගලයන් පිළිබඳ පවතින අසාමාන්යන සැකය එක් අතකින් මානසික රෝගයකි. නීවරණ ධර්මයන්ගේ ස්වභාවය පංච නීවරණ පිළිබඳ පොදු නිර්වචනය වන්නේ ඒවා චිත්ත උපක්කිලෙස හා ප්ර ඥාව දුර්වල කෙරෙන මානසික ස්වභාව ලෙස දැක්වීමයි. විසිතුරු උපමා භාවිතා කෙරෙමින් ඒවායෙහි ස්වභාවය පැහැදිලි කෙරෙන විග්රීහයක් අංගුත්තර නිකායේ සංගාරව සූත්රවයෙහි ඇතුළත් වේ. සංගාරව නම් බ්රා්හ්මණයෙකු බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ දිගුකලක් තිස්සේ කටපාඩම් කරගත් මන්ත්රා පාඨ මතකයේ රඳවා ගැනීමට නොහැකි වීමට හේතුව කවරේද යන්නයි. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච නීවරණ මගින් ආවරණය වූ සිතක දිගුකලක් තිස්සේ කටපාඩම් කළ මන්ත්රණ පාඨ වුව මතකයේ නොරැදෙන බවයි.අනතුරුව උන්වහන්සේ විසිතුරු උපමා මගින් නීවරණ ධර්මයන්ගේ ක්රිදයාකාරිත්වය පැහැදිලි කරති. පිරිසුදු ජල බඳුනක් බැහැරින් එන විවිධ දේ හේතුවෙන් අපිරිසුදු වන්නාසේ සිතද බැහැරින් එන අයහපත් අරමුණු මගින් කිලිටි වේ. මෙම සූත්‍රයෙහි කාමච්ඡන්දය විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්වූ ජලබඳුනකට උපමා කෙරේ. ප්රහකෘතියෙන් පැහැපත් ජලය විවිධ වර්ණ හා මිශ්රම වීමෙන් එහි ස්වාභාවික පවිත්රයත්වය අහෝසි වේ. ව්යාූපාද සිත ගින්නෙන් රත් වූ බුබුළු දමන දිය බඳුනකට උපමා කෙරේ. ථීන හා මිද්ධ දියසෙවෙලින් පිරි දිය බඳුනකට සමාන කෙරේ. සුළගින් කැළඹුණු දිය බදුනකට උද්ධච්ච හා කුක්කුච්ච සිත සමාන කෙරේ. අදුරු තැනක තිබෙන මඩ සහිත ජල බඳුනකට විචිකිච්ඡාව උපමා කෙරේ. මෙම උපමා මගින් නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය හඳුනාගත හැකිවේ.මෙකී ලක්ෂණ සහිත දිය බඳුනකින් කෙනෙකුගේ ප්රහතිබිම්බය මැනවින් දැකිය නොහැකිය. එමෙන්ම නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වූ සිතකට ආත්මාර්ථය හා පරාර්ථය මෙන්ම උභයාර්ථය දැකිය නොහැකිය.සංඝාරව බමුණා හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙන නීවරණ පිළිබඳ මෙම සාකච්ඡාව චිත්ත සමාධියට බාධක වන මානසික දුර්වලතා හඳුනා ගැනීමට පමණක් නොව අධ්යාටපනයෙහි නියුක්ත සැම කෙනෙකුටම තම අධ්යහයන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකළ නොහැකි වන්නේ සන්තානගත නීවරණ ධර්මයන්ගේ බලපෑම හේතුවෙන් බව වටහාගත හැකිය. ඒ අනුව පංච නීවරණ චිත්ත සමාධියට බාධකවන අකුසල සහගත මානසික දුර්වලතා පමණක් නොව දෛනික කටයුතුවලදී පුද්ගලයා අපහසුතාවයට පත්කරන මානසික දුර්වලතා ලෙසද හඳුනාගත හැකි වේ.