Welcome to Buddhistvision

You can download thripitaka, sutta deshana, dhamma books.

තෙරුවන් සරණයි !

මෙම වෙබ්අඩවියට පැමිණි ඔබහට ත්‍රිපිටකය, සූත්‍ර දේශණා, බෞද්ධ ග්‍රන්ථ ආදි බොහෝ දේ ලබා ගත හැක.

Buddhist image gallery

We have alot more than pictures, please take a few minutes to explore our huge selection!

බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

අංග සම්පූර්ණ බුද්ධ ජයන්තිය ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව,ජට්ඨ සංගායනා ත්‍රිපිටකය, පාළි-සිංහල-ඉංග්‍රීසි ත්‍රිපිටකය

Sinhala Dhamma Desana | Sinhala Dhamma Talks

This website contains a collection of Dhamma Deshana . You can download as a MP3 or video format.

දිඹුලාගල අාරණ්‍ය සේනාසනය අැතිමලේ


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින සංඝරත්නය උදෙසා මේවන විට නිමවා ඇති කුටිවලට යාබදව වැසිකිලි පද්ධතියක් ඉිදිකිරීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා පින්වත් ඔබගේ දායකත්වය අපේක්ෂා කරන අතර ඒ සඳහා ද්‍රව්‍යමය, මුදලින් හෝ ශ්‍රමයෙන් ලබා දිය හැක.

මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින් පහත සඳහන් දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැක.

රොමේෂ් -  0712930639

බුද්ධ ජයන්ති පාලි-සිංහල ත්‍රිපිටක පූජාව

භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහාබෝධි මූලයේදී ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා වූ, තුන් ලෝක සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුනා වූ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රථම ධර්ම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය, ත්‍රිපිටකය යි. විනයධර ධර්මධර මහා සංඝරත්නය විසින් කට පාඩමින් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය වසර දොළහක් පමණ කාලයක් ලක්දිව වෙලාගෙන පැවති බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂ කාලයකදී වුවද මහා සංඝරත්නය විසින් ජීවිත පරිත්‍යාගයෙන් දරාගෙන සිට දුර්භික්ෂය පහව ගිය කල්හි එලෙස දරාගෙන සිටි සද්ධර්මය කිසිඳු වෙනසකට භාජනය වී නොමැති බවත් මනාව තහවුරු කරගත්තාහුය. එම ව්‍යවසනයෙන් බුද්ධ ශාසනයට බලපෑමක් එල්ලවීම නිසා එතෙක් කල් කට පාඩමින් රැගෙන ආ සද්ධර්මය ආරක්ෂා කරගනු වස් ධර්ම සංගායනාවක් පැවැත්වීමටත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝරත්නය තීරණය කළහ. එම තීරණයෙන් පසු එකල ලක්දිව පාලනය කළ වගම්බා රජතුමාගේ අනුග්‍රහයද ඇතිව මාතලේ අළුලෙන් විහාර පරිශ්‍රයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී. රාජ්‍ය අනුග්‍රහය ඇතිව 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උළෙල මූලික කරගෙන එතෙක් කල් පාලි භාෂාවෙන් ලියවී තිබුන ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යය එවකට වැඩ සිටි වැලිවිට සෝරත, බළන්ගොඩ ආනන්ද මෛත්‍රී වැනි මහා තෙරුන්වහන්සේලා වෙත පැවරිණි. ධර්ම පොත් පනස් හතකින් සමන්විත ත්‍රිපිටකය සම්පුර්ණයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට වසර තිස් දෙකක් ගත විය. මෙම පරිවර්තනය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ලෙස හඳුන්වයි. මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව මහා සංඝරත්නය උදෙසා ධර්ම දානයක් වශයෙන් පූජා කිරීම සඳහා අප හට අවස්ථාවක් ලැබී ඇත. මේ සඳහා ඔබ කැමැත්තක් දක්වන්නේ නම් හැකි පමණින් දායකත්වය ලාබා දී ධර්ම දානමය ආනිසංස ලබත්වා. 

සාදු ! සාදු !! සාදු !!! 

පහත දුරකථන අංක මඟින් අප හා සම්බන්ධ විය හැක.
 0712621404, 0712930639


මෙම ත්‍රිපිටක පූජාව 2016 ක් වූ දුරුතු මස 02 වන දින මහා සංඝරත්නය උදෙසා මහියංගණයදී සිදු කරන ලදි. පිංකම සඳහා නන් අයුරින් උපකාර කලා වූ සැමට හා දැක බලා සතුටු වූ සැම දෙනාටත් මෙත් සිතින් පින් අනුමෝදන් කරමි.




 
















පංච නීවරණ



පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්රි්යානුබද්ධ පිරා ය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්රිුයන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්රිතිචාර දක්වයි. කාමච්ඡන්ද පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්රි්යානුබද්ධ පිර්වයය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්රිදයන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්රිතිචාර දක්වයි. අරමුණ දැඩිලෙස වැළඳ ගැනීම හෝ ප්ර තික්ෂේප කිරීමයි. අරමුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා වූ සුබවාදී ආකල්පය හේතුවෙන් ඒ පිළිබඳ සතුටු වෙයි. (නන්දති) වඩාත් සතුටු වෙයි. (අභිනන්දති) ඒ පිළිබද දිගින් දිගට කථා කරයි. (අභිවදති) අවසානයේදී එහි දැඩි ලෙස බැස ගනී. (අජෙඣාසාය තිට්ඨති) මෙම ආකල්පය කාමච්ඡන්දය පිණිස හේතුවේ. ඉන්ද්රි ය හා අරමුණ පිළිබඳ යථා ස්වභාවය දකින තෙක් මෙම තත්ත්වය ක්රිේයාත්මක වේ. ව්යාබපාද අසතුටුදායක හා ප්රයතිවිරුද්ධ අරමුණු සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ ගැටීම ව්යාටපාදයයි. ව්යාරපාදය පුද්ගල සන්තානය අපිරිසුදු කරන අතර මනසේ යහපත් ක්රිටයාකාරිත්වයට බාධා පමුණුවයි. ත්රිලවිධ අකුශල මූල අතරින් ව්යාපපාදය වනාහි ද්වේෂය හා සම්බන්ධ අකුශල ධර්මයකි. එය මෛත්රි චින්තාවට ප්ර තිවිරුද්ධ වූවකි. එසේම එය මනසින් සිදුවෙන අකුශල කර්මයක් ලෙස දැක්වේ. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකු සමග වෛරය ඇති කර ගන්නේ ”මට අනර්ථයක් කළේය. අනර්ථයක් කරයි. අනාගතයේ අනර්ථයක් කරන්නේය. මගේ හිතවතාට අනර්ථයක් කළේය.අනර්ථයක් කරයි. අනර්ථයක් කරන්නේය. මගේ විරුද්ධවාදියාට යහපතක් කළේය. යහපතක් කරයි. යහපතක් කරන්නේය” යනුවෙන් කාලත්ර යවරතීව කල්පනා කිරීමෙන්ය. මෙයට අමතරව විශේෂ හේතුවක් නොමැතිව අස්ථානයේ වෛරය ඇතිකරගන්නා අවස්ථාද තිබේ. (අට්ඨානෙවා පන ආඝාතො ජායති) පුද්ගල සන්තානයේ ඇතිවෙන වෛරය හා කෝපය අභ්යේන්තර චිත්ත සමාධියට බාධකවනවා පමණක් නොව එහි බිහිසුණු අපරාධ සඳහා පුද්ගලයා පොළොඹවන අකුශල සහගත චිත්ත වේගයකි. ථීනමිද්ධ ථීන හා මිද්ධ දෙකක් වුවද නීවරණ යටතේ එය එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කෙරේ. ථීන යන්නෙන් මානසික අකර්මණ්යර බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්ය. බවත් අදහස් කෙරේ. භදන්ත බුද්ධඝෝස හිමියෝ ථීන යන්නෙන් සිතෙහි ගිලන් බවත් (චිත්ත ගේලඤ්ඤං) මිද්ධ යන්නෙන් චෛතසික ධර්මයන්ගෙන් ගිලන් බවත් අදහස් කරති. (චේතසික ගෙලඤ්ඤං) මෙම නීවරණය කායික හා මානසික වශයෙන් දෙඅංශයකින් පුද්ගලයාට බලපායි. මෙහි මූලික ලක්ෂණය වන්නේ කුශලය වැඩීම කෙරෙහි අප උදාසීන බවට පත්කිරීම පමණක් නොව එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්ද අපගේ මානසික අවධානය හා කායික උනන්දුව නැතිකර දැමීමයි. උද්ධච්ච – කුක්කුච්ච උද්ධච්ච යනු මානසික නොසන්සුන් බව හා වික්ෂිප්ත බවයි. කුක්කුච්ච යන්නෙන් පසුතැවිල්ල අදහස් කෙරේ. උද්ධච්ච යන්නෙන් සිතේ පවතින චංචල බව මෙන්ම නොපැහැදිලි ස්වරූපය අදහස්වේ. සුළඟ හැමීමෙන් නිතර චලනය වන දිය බඳුනක් මෙන් අරමුණ මගින් සිත නිතර චලනය වීම සිදුවේ. කළ නොකළ දෑ සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ පසුතැවිල්ල වන කුක්කුච්ච ඇතැම් විටෙක මානසික රෝග සඳහාද හේතුවිය හැකිය. කුක්කුච්චයේ මූලික ස්වභාවය වන්නේ සිත ආපස්සට අදින ලක්ෂණයයි. සියදිවි නසා ගැනීමෙහිලා කෙනෙකු යොමුවන්නේ ද මෙහි බලපෑම හේතුවෙන් විය හැකිය. විචිකිච්ඡා විචිකිච්ඡා යනු සැකයයි. එය අටතැන් සැකය වශයෙන් ධර්මයෙහි විශේෂ කොට දක්වා තිබේ. සැකය එක්තරා ප්රැමාණයකට දැනුම සඳහා උපයෝගී වන්නක් වුවද දිගින් දිගට පවතින පදනම් රහිත සැකය නීවරණයකි. විමුක්තිය සම්බන්ධයෙන් මාර්ගය හා ප්රයතිපදාව පිළිබඳ පවතින සැකය ප්ර ඥාවේ උදාවට බාධකයකි. ධර්මය හෝ විමුක්තිය සම්බන්ධයෙන් නොව සාමාන්යප මට්ටමේ සිදුවීම්,දේවල් හා පුද්ගලයන් පිළිබඳ පවතින අසාමාන්යන සැකය එක් අතකින් මානසික රෝගයකි. නීවරණ ධර්මයන්ගේ ස්වභාවය පංච නීවරණ පිළිබඳ පොදු නිර්වචනය වන්නේ ඒවා චිත්ත උපක්කිලෙස හා ප්ර ඥාව දුර්වල කෙරෙන මානසික ස්වභාව ලෙස දැක්වීමයි. විසිතුරු උපමා භාවිතා කෙරෙමින් ඒවායෙහි ස්වභාවය පැහැදිලි කෙරෙන විග්රීහයක් අංගුත්තර නිකායේ සංගාරව සූත්රවයෙහි ඇතුළත් වේ. සංගාරව නම් බ්රා්හ්මණයෙකු බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ දිගුකලක් තිස්සේ කටපාඩම් කරගත් මන්ත්රා පාඨ මතකයේ රඳවා ගැනීමට නොහැකි වීමට හේතුව කවරේද යන්නයි. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච නීවරණ මගින් ආවරණය වූ සිතක දිගුකලක් තිස්සේ කටපාඩම් කළ මන්ත්රණ පාඨ වුව මතකයේ නොරැදෙන බවයි.අනතුරුව උන්වහන්සේ විසිතුරු උපමා මගින් නීවරණ ධර්මයන්ගේ ක්රිදයාකාරිත්වය පැහැදිලි කරති. පිරිසුදු ජල බඳුනක් බැහැරින් එන විවිධ දේ හේතුවෙන් අපිරිසුදු වන්නාසේ සිතද බැහැරින් එන අයහපත් අරමුණු මගින් කිලිටි වේ. මෙම සූත්‍රයෙහි කාමච්ඡන්දය විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්වූ ජලබඳුනකට උපමා කෙරේ. ප්රහකෘතියෙන් පැහැපත් ජලය විවිධ වර්ණ හා මිශ්රම වීමෙන් එහි ස්වාභාවික පවිත්රයත්වය අහෝසි වේ. ව්යාූපාද සිත ගින්නෙන් රත් වූ බුබුළු දමන දිය බඳුනකට උපමා කෙරේ. ථීන හා මිද්ධ දියසෙවෙලින් පිරි දිය බඳුනකට සමාන කෙරේ. සුළගින් කැළඹුණු දිය බදුනකට උද්ධච්ච හා කුක්කුච්ච සිත සමාන කෙරේ. අදුරු තැනක තිබෙන මඩ සහිත ජල බඳුනකට විචිකිච්ඡාව උපමා කෙරේ. මෙම උපමා මගින් නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය හඳුනාගත හැකිවේ.මෙකී ලක්ෂණ සහිත දිය බඳුනකින් කෙනෙකුගේ ප්රහතිබිම්බය මැනවින් දැකිය නොහැකිය. එමෙන්ම නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වූ සිතකට ආත්මාර්ථය හා පරාර්ථය මෙන්ම උභයාර්ථය දැකිය නොහැකිය.සංඝාරව බමුණා හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙන නීවරණ පිළිබඳ මෙම සාකච්ඡාව චිත්ත සමාධියට බාධක වන මානසික දුර්වලතා හඳුනා ගැනීමට පමණක් නොව අධ්යාටපනයෙහි නියුක්ත සැම කෙනෙකුටම තම අධ්යහයන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකළ නොහැකි වන්නේ සන්තානගත නීවරණ ධර්මයන්ගේ බලපෑම හේතුවෙන් බව වටහාගත හැකිය. ඒ අනුව පංච නීවරණ චිත්ත සමාධියට බාධකවන අකුසල සහගත මානසික දුර්වලතා පමණක් නොව දෛනික කටයුතුවලදී පුද්ගලයා අපහසුතාවයට පත්කරන මානසික දුර්වලතා ලෙසද හඳුනාගත හැකි වේ.

පුණ්‍යාණුමෝදනාවේවා !


බුදුරජාණන් වහන්සේගේ දෙුා්ණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රදුන් උදෙසා 2015-03-28 වන දින පවත්වන ලද  කපරුක් පූජාව සඳහා පැමිණි සියලුම දෙනාටත්
මෙම පිංකම සංවිධානය කල සියලු දෙනාගේ හිතවතුන් හා පවුල් වල සාමාජික සාමාජිකාවන් සහ
නන් අයුරින් උදව් උපකාර කල සියලු පින්වතුන් හට  ධර්මාය අවබෝධය පිණිසම මේ මහඟු පින් හේතු වේවා. තෙරුවන් සරණයි




















කප්රුක් පූජා මහා පුණ්‍ය කර්මය

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා විරාජමානව වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑරදුන් සඳහා කප්රුක් පූජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එය 2015 ක් වූ මාර්තු මස 28 වන දින පස්වරු කාලයේ දී සිදු කිරීමට නියමිතය. මේ සඳහා සියළු දෙනා හට ගෞරවයෙන් ආරාධනා කරන අතර  පින් කැමති ඔබගේ දායකත්වය ලබා දිය හැක.



කුඩුම්බිගල තපෝවනය

විශාල ගල්පර හා ගල්තලා වලින් නිර්මිත මෙම ප්‍රදේශය ඝන කැලෑවක් මැද පිහිටා තිබේ.
දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව මෙම ස්ථානයේ නටබුන් වල ඉතිහාසය ක්‍රිපූ 3 හෝ 4 වෙනි සියවසෙන්ද ඔබ්බට දිවයයි. විශාල ගල් පර්වත දෙකක් මුහුදු වෙරළට ආසන්නව ඇත. මෙයින් විශාල පර්වතය බැලුම්ගලයි.
එය මත සිලින්ඩරාකාර ස්ථූපයකි. ඊට නුදුරින් පිහිටි දෙවන පර්වතය මත කුඩා ස්ථූප තුනකි. මේ එහි ඇති බ්‍රාහ්මී ලිපි තුනකි.
විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර සමහරෙක ක්‍රිපූ යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැකි ය.
සමහර ගල්තලා මත ගොඩනැගිලිවල අවශේෂයන් ද මෙහි පවතින විශාල ගල් පර්වතය වන කුඩුම්බිගල මත ශේෂ වූ දාගැබ් දෙකක අවශේෂයන් ද පවතී.
ගමන් මග:
අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ අම්පාර පත්තුවේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගමේ පානම මහා විද්‍යාලය අසලින් ඇරඹෙන යාල අභය භූමියට පිවිසෙන ගුරුපාරේ, රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ, සැතපුම් 7ක් පමණ, 7-8 සැතපුම් කණු අතරින් දකුණට ඇති ගුරුපාරේ තවත් සැතපුම්දෙකක් දුරක් ගෙවා කුඩුම්බිගලට යා යුතුය. 


කුඩුම්බිගල කියන්නේ පොතුවි-පානම හරහා කුමන වනෝද්‍යානය නරඹන්න යන අතරතුර තියන සිද්ධස්ථානයක්.
දෙමළ බසින් 'කුඩුම්බම්' කියන්නේ පවුලට…දැනගන්න ලැබුන විදියට සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල නිසා මෙතැනට මේ නම ලැබුනීලු.
වයඹ දිගින් මොණරාගල කඳු වැටි පෙළත් ගිනිකොණ දිගින් මුහුදු වෙරළත් අතර තැනිතලා බිම් තීරුවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 100-500හ් අතර උස් බිම් කඩ කුඩුම්බිගලට අයත් වෙනවා.
දැනගන්න ලැබුණ විදිහට 1973 සැප්තැම්බර්මස 28 වැනිදින විශේෂ ගැසට් නිවේදනයකින් මේ භූමිය අභය භූමියක් බවට පත් කරලා තියනවා.
වර්ග සැතපුම් 5ක පමණ ප්‍රදේශයක පර්වත 5කින් වටවූ අක්කර 1000 පමණ ප්‍රමාණයක් කුඩුම්බිගලට අයත් නටබුන් විසිර පවතී.